Advertise with Giraya
NEWS

කන්දකාඩු පොකුරට තවත් 10ක් එක් වෙයි

කන්දකාඩු පොකුරට සම්බන්ධ තවත් කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් 10 දෙනෙකු එකතු වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව සඳහන් කරනවා. ඒ අද (24) පස්වරු 3.00 වන විට තවත් ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වීමත් සමඟයි. ඒ අනුව, මේ වන විට කන්දකාඩු පොකුරෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 573 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වාර්තා වූ ආසාදිතයින් 10 දෙනාගෙන් 9 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර අනෙක් ආසාදිතයා කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි.

එමෙන්ම, ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 2763 ලෙස වාර්තා වේ. වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළ අන්දමට, අද (24) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

Giraya News Alerts

ඒ අනුව, දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 658ක් වේ. තවත් පුද්ගලයින් 63 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණයේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 11කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top