Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

සන්ධානගත වෙලා කළත්, මැදමුලනේ එවුන් කළත් වරද වරදමයි

කුමන පක්ෂයකින් වරදක් කළත් එම වරද වරදක් හැටියට නොදකින තාක් කල්, වහල් දේශපාලනයේ යෙදෙන තාක් කල් නිවනක් නොමැති බව අපේ අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ගලගොඩඅත්තේ හිමියෝ පැවසූහ.

එමෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සාටකයට හා ජානාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කීර්තියට මුවාවී හිටපු ආමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් විවිධ වහසිබස් දොඩවමින් සිටින බව ද උන්වහන්සේ සඳහන් කරති.

ඥානසාර හිමියෝ මේ බව ප්‍රකාශ කළේ, නාඋල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් ය.

Giraya News Alerts

තවද, කුරුණෑගල බුවනෙකභා හෝටල ඩෝසර් කිරිම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වු උන්වහන්සේ කියාසිටියේ බලය හේතුවෙන් පිස්සු දොඩවන පුද්ගලයින් වත්මන් ආණ්ඩුවේ සිටින බවයි.

මෙම අවස්ථාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වු ගලගොඩඅත්තේ හිමියෝ මෙසේ ද පැවසුහ. ‘දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට යම් කිසි කීර්තියක් ලැබිලා තියෙනවා. මිනිසුන්ගේ චිත්තාරාධනාවට ඔහු පාත්‍ර වී තිබෙනවා පක්ෂ විපක්ෂ බේදයකින් තොරව.

දැන් මේ මහින්ද මහත්තයාගේ සාටකේටයි ගෝඨාභය මහත්තයාගේ කීර්තියටයි මුවා වෙලා බලන්න අර ජොන්ස්ටන් ඇමති අර බුවනෙකභා මණ්ඩපේ කඩා දැම්මගෙන් පස්සේ කියනවා, මයිලකට අත තියන්න දෙන්නේ නෑ මම, නගරාධිපතිගේ කියලා. බැරිවෙලාවත් මේ නගරාධිපති දඹුල්ලේ හිටියානම් සීගිරියටත් මේ මනුස්සයා බෝර දානවා. පොඩි දරුවන්ට යන්න හොද නැහැ අසභ්‍ය පින්තූර තියෙනවා කියලා පෙරළාලා දාන්න බැරිනෑ සීගිරියත් ඒතරම් මොට්ටයි මූ. ජොන්ස්ටන්ට මොකක්ද තියෙන අයිතිය මොනවද කියන්නේ, පොහොට්ටුව බලයට ගේන්න උදව් කරපු කිසි කෙනෙකුට අපි අත තියන්න දෙන්නේ නැහැ.

එතකොට පොහොට්ටුවේ අයට මේ රටේ තියෙන්නේ එක නීතියක් ද? ඒ ඇමැති කට්ටට මුවා වෙලා ඒ ගොල්ලන්ට පුලුවන් ද මේ පුරාවස්තු විනාශ කරන්නයි වෙන අපරාධ කරන්නයි. වරද කවුරු කරත්, ඒක කොළපාටද ? නිල් පාටද ?සන්ධාන ගත වෙලා කලත් මැදමුලනේ එවුන් කළත් වරද වරදමයි. ඒ වරද වරද හැටියට නොදකින තාක්කල්, මේ වහල් දේශපාලනයේ යෙදෙන තාක්කල් අපිට නිවනක් නැහැ.

ඒ නිසා අද දවසේ භික්ෂූන් වහන්සේලා හැටියට අරගල කරන්න ඕනෑ, සටන් කරන්න ඕනෑ පෙමුණ ගන්න ඕනේ ක්‍රියාශිලිව වැඩ කරන්න ඕනේ. සුද්දන්ගෙන් රට බේරගත්තා වගේම මේ කළු සුද්දන්ගෙනුත් රට බේරගන්න ඕනේ. ඔය පොහොට්ටුව වෙන්න පුලුවන් අනිත් අය වෙන්න පුලුවන් ඔය ඔක්කොටම තියෙන්නෙ ඡන්ද කැඩෙන එක ගැන ප්‍රශ්නයක්. හැබැයි අපිට තියෙන්නේ මේ සිංහලයට තියෙන රට නැතිවීම පිළිබද ප්‍රශ්නයක්.මේ කාපට් දැම්මයි කියලා. මහ කජ්ජවල් නෙවෙයි. යටිතල පහසුකම් හදනවා කියලා කියන එක මහලොකු දේවල් නෙවෙයි. මේවා කරන්න තමයි රජයට අපි බදු මුදල් දෙන්නේ කන කෑම ටිකෙන්ද මේ සියල්ලෙන්ම.

මේ හැමකෙනෙක්ම කියන්නේ සංවර්ධනය කරනවලු. හැබැයි සංවර්ධනයෙන් වැඩක් තියෙනවද අවසානෙදී සිංහලයන්ට රට නැති වෙනවා නම්. අපේ ජනබල පක්ෂය හැදුවේ මේ රට තුළ ඉතාම නපුරු විදිහට පමා ඇති සිංහලයන් නැගිට්ටවලා අනාගතය වෙනුවෙන් අද දවසේ අප විසින් කළ යුතු යුතකම් සම්පූර්ණ කරන්න.

එදා චන්ද්‍රිකා නෝනා පැකේජය දෙන්න ලැස්ති වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භික්ෂු පෙරමුණ ගිහිල්ලා පොල් බෙදුවා අපි එදා ගිහිල්ලා පොල් ගැහැව්වා.එහෙම තමයි වන්දිභට්ටකම් කරන වහල් දේශපාලනයේ හැටි. අපිට ඕනෑ පාර්ලිමේන්තුව ඇතුළේ තීරක බලය වෙන්න ඇයි ඒ ? මේ ලොකේ එකම ජාතිය තමයි සිංහලයෝ තමන්ගේ ජාතියට ඡන්ද ලක්ෂ එකසිය දහයක් තියාගෙන ඒ ඡන්දවල තියෙන බලය එක පිඩකට එකතු කරලා සිංහලයන්ගේ ආණ්ඩුවක් හදාන්නවා වෙනුවට බල කදවුරු ගණනාවකට බෙදිලා මේ රටේ මහ ජාතිය දුර්වල කරලා තියෙනවා.

ඒ නිසාම සුළු ජන වර්ග වල හා සුළු පක්ෂ වල බලහත්කාරයට යටවෙමින් රටේ අනාගත පරම්පරාවට තියෙන සම්පත්, උරුමයන් බලාගෙන ඉන්දැද්දි වෙන්දේසි කරනවා‘ යැයි ද කියා සිටියහ.

මෙම අවස්ථාව සඳහා මාතලේ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ වදින ඉසුරු ජයවර්ධන,වෝල්ටර් තැන්නේ,ප්‍රසාදි බණ්ඩාර,බණ්ඩාර විජේසූරිය සහ නිශාන්ත රම්පිටිය මහත්වරු මෙන්ම නාඋල ප්‍රදේශවාසිහු පිරිසක් ද එක්ව සිටියහ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top