කාන්තාවකගේ ගමන් බෑගයකින් මුදල් සොරකම් කිරීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයෙකු මොරටුව ප‍්‍රදේශයේ දී මොරටුව පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන පොලිස්ථානයට අනුයුක්තව පොලිස් සංදේශ කොට්ඨාසයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් බව ද සඳහන් වේ.
සැකකරු අද (24) උදෑසන ගාල්ල දෙස සිට කොළඹ දක්වා පැමිණි බස් රථයක් තුළ දී කාන්තාවකගේ ගමන් බෑගයකින් මුදල් සොරකම් කිරීමට උත්සාහ කිරීමේ දී එලෙස අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 35 හැවිරිදි කළුතර වරකාගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ. අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් කොස්තාපල්වරයා අද (24) මොරටුව මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
