රන් භාණ්ඩ සහ හොරෙයින් මත්කුඩු ළඟ තබාගැනීම සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිස් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් ඇති බව වාර්තා වේ. මොවුන් දෙදෙනා පානදුර අධිකරණය වෙත රැගෙන යමින් සිටියදී අධිකරණය ආසන්නයේ අතුරු මාර්ගයක දී අත් මාංචු සමඟ පලාගොස් ඇති බව බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි.
පොලිස් කොස්තාපල්වරයෙකු සහ සිවිල් ආරක්ෂක නිලධාරිනියකගේ ආරක්ෂාව යටතේ මොවුන් දෙදෙනා රැගෙන යමින් සිටියදී මෙලෙස පලාගොස් ඇත.
