Advertise with Giraya
NEWS

කන්දකාඩු උපදේශකවරයාගේ සමීපතමයින්ට කොරෝනා නොමැති බව තහවුරුයි

කොරෝනා වෛරසය ආසාදිත වූ කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයාගේ පළමුපෙළ ආශ්‍රිතයින් 21 දෙනාගෙන් කිසිවෙකුටත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට, දෙවැනි වරටත් කළ පී. සී.ආර්. පරීක්ෂණවලදි තහවුරුවී ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන පවසයි.

මෙම පී. සී.ආර්. පරීක්ෂණ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකරණු ලැබීය.
මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා ද සුවය ලබා නිවසට පැමිණ ඇති බව ද සෞඛ්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.

මේ වනවිට මෙකි උපදේශකවරයාගේ පළමුපෙළ දෙවැනි පෙළ හා තෙවනිපෙළ ආශ්‍රිතයින් පී. සී. ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් කිසිවෙකුටවත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇති බව ද ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සදහන් කළේය.

Giraya News Alerts
Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top