Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

IDH රෝහලෙන් පැන ගිය කොරෝනා රෝගියා අල්ලන්න පොලීසිය මහජන සහය පතයි

මුල්ලේරියාව IDH රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගියෙකු අද (24) අළුයම එම රෝහලෙන් පලා ගොස් තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

පොලීසිය වාර්තා කරන අන්දමට, මත්ද්‍රව්‍යවලට දැඩි ලෙස ඇබ්බැහි වූ සහ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවෙකු වන එම පුද්ගලයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රඳවා සිටි අයෙකු වේ.

එල්. සියාම් නසීම් නැමැති 41 හැවිරිදි එම පුද්ගලයා ත‍්‍රිකුණාමලය වල්ලෙමලර් සින්නම්පිල්ලෙසිමෙයි ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකි. වම් කකුලේ ආබාධයක් හේතුවෙන් ඔහු ඇවිදින විට කොර ගසන තැනැත්තෙකු බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Giraya News Alerts

සැකකරු සම්බන්ධයෙන් තොරතුරු දන්නා අය 119 කෙටි දුරකථන අංකයට හෝ 071 – 8 591 017, 071- 8 592 290, 071 – 8 591 864 යන දුරකථන අංකවලට තොරතුරු ලබා දෙන ලෙස ද පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

එම සැකකරුගේ ඡායාරූපය පහතින් දැක්වෙයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top