වත්මන් ආණ්ඩුවට රටක් ශක්තිමත් කරන්නට දැනුමක් නොමැති බව සමගි ජනබලවේගයේ නායක, හිටපු විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ හපුතලේ ප‍්‍රදේශයේ පැවති ජන හමුවක දී ය.
එහිදී අදහස් දක්වමින් ඔහු, ‘අද ව්‍යාපාර කඩන් වැටිලා. ජන ජීවිතය අඩාල වෙලා. පොදු ජනතාවගේ අතේ ප්‍රමාණවත් මුදල් නැහැ. රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා මේ පාලකයොන්ගෙන් මේ ප්‍රශ්නයට මොකද්ද ලබා දෙන විසඳුම කියලා. ආර්ථිකය ගොඩනඟන්නට නම් මුළු ලෝකයම අනුගමනය කරන වැඩපිළිවෙල, ජනතාවගේ අතට මුදල් ලබා දීම. මේ ආණ්ඩුවට රටක් ශක්තිමත් කරන්නට දැනුමක් නැහැ.
දන්නව ද ආණ්ඩුව මොකද කරලා තියෙන දේ. කැබිනට් පත්‍රිකාවක් දාලා තීන්දුවක් අරන් තියෙනවා.. කොච්චර තෙල් මිල අඩු වුනත් මාස 12කට තෙල් මිල වෙනස් කරන්නේ නෑ කියලා. පෙර පාසල් දරුවා වුනත් දන්නවා, තෙල් මිල අඩු වෙන කොට ජනතාවගේ වියදම් අඩු වෙනවා. වියදම් අඩු වෙනකොට මොනවාද ජනතාව කරන්නේ මේ මුදල් වලින්… පාරිභෝජනය, ඉංග්‍රීසියෙන් කියන්නේ consumption කියලා. ආයෝජනය…. Investment ඉතිරි කිරීම…Savings…. ඒ තුන කරාම මොකද්ද වෙන්නේ? ඉබේම රටේ ආර්ථිකය ඉහළ යනවා. ඔන්න අපේ ආර්ථිකය ගොඩ නැගීමේ වැඩපිළිවෙලෙන් බිඳක්.” යනුවෙන් සඳහන් කළා.
