රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන උප්පැන්න සහතිකය තුළ අන්තර්ගත කරුණු දෙකක් සංශෝධනය කිරීමට තීරණය කර තිබෙන බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා පසුගියදා ප්‍රකාශ කළේය.
එහිදී මව්පියන් විවාහක ද යන ශීර්ෂය හා ජන වාර්ගය/ජාතිය ඇතුළත් ශිර්ෂයන් ඉවත් කර ඒ වෙනුවට සියලු උප්පැන්න සහතික “ශ්‍රි ලාංකික” යනුවෙන් පමණක් සටහන් කර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රෙජිස්ටාර් ජනරාල්වරයා සඳහන් කර සිටියා.
කෙසේ වෙතත් මව්පියන්ගේ විවාහක බව ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජයේ අතිමහත් බහුතරයක් කැමැත්තෙන් පසු වුවද “ජාතිය” ඉවත් කිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු දක්වා තිබුණේ ඊට ප්‍රතිවිරුද්ධ මතයකි.
එසේම, මේ පිළිබඳව අමාත්‍ය විමල් වීරවංශගේ අවධානයට යොමු වීමෙන් අනතුරුව එවෙලේම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුවත් කළ බව ජූලි 22 පස්වරුවේ පැවති රැස්වීමක දී අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව, අගමැතිවරයා විෂයභාර අමාත්‍යංශ ලේකම්වරයාට නියෝග කර ඇත්තේ වහාම එවැනි තීරණයක් ගෙන ඇත්නම් එය අත්හිටුවන ලෙසයි.
ඒ අනුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මව්පියන්ගේ විවාහකභාවයට අදාළ තීරුව පමණක් ඉවත් කරන බවයි.
එම අදාළ නිවේදනය පහතින් දැක්වේ.

එමෙන්ම ජාතිකත්වය සහ ජාතිය වෙන වෙනම තීරු දෙකකින් ඇතුළත් කිරීමට අවස්ථාව සළසා ඇති බව ද එම නිවේදනයේ දැක්වේ. කෙසේ වෙතත් ඒ සමග ඔවුන් ඉදිරියේ දී ජනගත කිරීමට අපේක්ෂා කරන 2019 මාර්තු 14 දිනැති ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කළ ඩිජිටල් උප්පැන්න සහතිකයේ ආකෘති පත්‍රයක් ද අමුණා එවා තිබෙනවා.
නව ආකෘතියට අනුව උදාහරණයක් මෙසේ ය.
- ජාතිකත්වය (Nationality) – ශ්‍රී ලාංකික
- ජාතිය (Ethnicity) – සිංහල/දෙමළ/මුස්ලිම් හෝ එවැනි
එම ආකෘතිය පහතින් දැක්වේ.

ඒ අනුව, මහමැතිවරණයෙන් පසුව ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිත උප්පැන්න සහතිකය “ජාතික උප්පැන්න සහතිකය” ලෙස භාෂාද්වයෙන් නිකුත් කිරීමට තීරණය කළ බව එම නිවේදනයෙන් වැඩිදුරටත් දැක්වේ. ඒ අනුව සිංහල හෝ දෙමළ භාෂාවෙන් සහ ඉංග්‍රීසි පරිවර්තනයක් ද සහිතව අදාළ සහතිකය ජාත්‍යන්තර මට්ටමින් ඉදිරිපත් කළ හැකි සහතිකයක් ලෙස නිකුත් කෙරෙන බව ද එහි සඳහන් කර ඇත.
