Advertise with Giraya
NEWS

රියදුරු බලපත්‍ර වලට ලකුණු දීමේ ක්‍රමය නැවතත් ආරම්භ කිරීමට රජයේ අවධානය

මෑතකදී නුගේගොඩ ගුවන් පාලම මතදී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් මෙන්ම මෑතක සිදුවූ මාරාන්තික මාර්ග අනතුරු බොහෝමයකටම හේතුව වි ඇත්තේ රියදුරන්ගේ නොසැලකිලිමත්කම බව හෙළිවී තිබෙනවා.

මාර්ග අනතුරු වැළැක්වීම සදහා නීති දැඩි කල ද දිනපතා සිදුවන මාර්ග අනතුරු ප්‍රමාණය සංඛ්‍යාත්මකව ඉහල යමින් ඇති බව ද වාර්තා වේ.

මෙම කාරණය සම්බන්ධයෙන් වසර ගණනාවක සිට මේ සම්බන්ධව යම් යම් පියවර ගෙන ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ඊයේ (22) ඛනිජ තෙල් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා.

Giraya News Alerts

වැඩි දුරටත් අදහස් පළකළ අමාත්‍යවරයා සඳහන් කළේ, “වර්ෂ 2009 දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ රියදුරු බලපත්‍ර වලට ලකුණු දීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබුණා. නොසැලකිලිමත් බව නිසා සිදුවන මාර්ග අනතුරු වලදී එම රියදුරන්ට 0 සිට 24 දක්වා ලකුණු ලබාදීමට මෙම ක්‍රමය මගින් තීරණය කර තිබුණා. මාර්ග අනතුරු සිදුකළහොත්, එම ක්‍රමය යටතේ ලකුණු 24 සිට පහලට රියදුරන්ගේ බලපත්‍ර වලට ලැබෙන ලකුණු කැපීයාමක් සිදුවනවා. අවසානයේ ලකුණු 0 දක්වා කැපීගිය පසු රියදුරු බලපත්‍රය ඉබේම අහෝසි වෙනවා.

නමුත් මෙම වැඩපිළීවෙල ක්‍රියාත්මක කිරීම සදහා රියදුරු බලපත්‍රයට ඇතුළත් කරන ලද විශේෂ චිපයක් මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබුණත් එම චිපය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපාංග පොලිස් ස්ථාන වලට ලබාදීමට පසුගිය සමයේ පියවර ගෙන තිබුණේ නැහැ. එම නිසා මෙම ලකුණු ලබාදීමේ ක්‍රමය ඇණහිට තිබුණා.”

නමුත් ප්‍රවාහනය සම්බන්ධ විශේෂඥයින්ගේ මතය වන්නේ, රියදුරාගේ නොසැලකිලිමත් බව නිසා සිදුවන අනතුරු වලක්වා ගැනීමට යොදාගත හැකි හොදම උපාය මාර්ග වන්නේ මෙම ලකුණු දීමේ ක්‍රමය බවයි. එමනිසා මෙම ක්‍රමය නැවතත් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුවී ඇති බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර එහිදී වැඩිදුරටත් සඳහන් කළේ ය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top