Advertise with Giraya
NEWS

ඡන්දෙට පෙර හඬපට එළියට දාන්න – අකිලගෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභියෝගයක්

ඓතිහාසික වටිනාකමින් යුත් සීගිරිය කළු දිය පොකුණ ආසන්නයේ පිහිටි ගල්ලෙන් හැත්තෑ තුනක් සහිත අක්කර පහළොවක භූමියේ විදේශිකයන් සඳහා සංචාරක හෝටලයක් ඉදිකරන ලෙසට පසුගිය රජයේ සංස්කෘතික ඇමැතිවරයා තමාට රාජකාරිමය වශයෙන් බලපෑම් එල්ල කළැයි පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක චෝදනා කරයි.

හිටපු ඇමැතිවරයා කළ බලපෑම් හෙළිදරව් කිරීමට තමාට හඬපට ද තිබෙන බවත් තමාට සිදුවූ අපහාසය වෙනුවෙන් රුපියල් කෝටි සියයක වන්දියක් ඉල්ලා අධිකරණ කි‍්‍රයාමාර්ග වෙත පිවිසීමේ මූලික කටයුතු සිදුකරමින් පවතින බව ද ඔහු සඳහන් කරයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රකාශය පිළිබඳව අදහස් පළ කරමින් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසන්නේ, පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක මහතා කළ ප‍්‍රකාශයෙන් තමාගේ කීර්ති නාමයට හානි වී තිබෙන නිසා ඔහුට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවයි.

Giraya News Alerts

එමෙන්ම, තමා විසින් ඔහුට බලපෑම් කළ බවට සඳහන් හඬපටය ඔහු සතුව තිබෙන බවට ප‍්‍රකාශ කර තිබෙන බැවින් එය මහ මැතිවරණයට පෙර සමාජයට නිකුත් කරන ලෙස අභියෝග කරන බවත් ඔහු වැඩිදුරටත් කීය.

ඔහු මේ බව සඳහන් කළේ, ඊයේ (22) දිනයේ දී සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක දී ය.

පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා සම්බන්ධයෙන් තමා මාධ්‍ය හමුවකදී පැවසුවේ ඔහුට විරුද්ධව එල්ල වී තිබූ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසම විසින් විධිමත් විමර්ශනයක් කර එම ධුරයෙන් ඔහු ඉවත් කර තිබූ නිසා බව ද මහලේකම්වරයා කීවේය. මැතිවරණයක් අබියසදී තමා නිර්දෝෂි නිසා ඔහුට චෝදනා එල්ල කරනු ලැබූවේ ඔහුගෙන් ප‍්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් නොවුණත් ඔහු තමාට අසත්‍ය චෝදනා කිරීම සම්බන්ධයෙන් නීතිඥයකු ලෙස තමාට ගත හැකි උපරිම කි‍්‍රයාමාර්ග ගන්නා බව ද අකිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් කීවේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top