Advertise with Giraya
NEWS

රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචරණ සීමා ලිහිල් කිරීමට තීරණයක්

කොවිඩ් – 19 ආසාදිතයින් වාර්තා වීමත් සමඟ සංචරණ සීමා පනවා ඇති රාජාංගනය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමසේවා වසම් කිහිපයක සංචරණ සීමා ලබන සදුදා වනවිට ඉවත් කිරීමට හැකි වනු ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.

ඒ පිළිබඳ පැහැදිලි කරමින් උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර කියා සිටියේ රාජාංගනය ප්‍රදේශයේ මේ වන විට නිරෝධායනයට ලක් වූ පුද්ගලයින් 1040ක් පමණ සිටින බවයි. ඉකුත් 13 වැනිදා සිට PCR පරීක්ෂණ 940ක් පමණ සිදු කර රෝගීන් 19ක් පමණක් වාර්තා වී ඇති බවත් එම නිසා 26 වැනිදා ට දින 14 සම්පූර්ණ වන බැවින් ප්‍රධාන අවදානම් ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල 27 වැනිදා සිට සංචරණ සීමා ලිහිල් කිරීමට බලාපොරොත්තුවන බව උතුරුමැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top