ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන අද (22) පස්වරු 11.15 වන විට 2752ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 22 දෙනෙකු වාර්තා වී ඇති අතර අද (22) දින පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වාර්තා විය.
වාර්තා වූ ආසාදිතයින් 22 දෙනාගෙන් 14 දෙනෙකුම සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. තවත් පුද්ගලියන් 7 දෙනෙකු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට රෙමටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් ය. අනෙක් පුද්ගලයා නොරොච්චෝලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙක් වේ.
ඒ අනුව, දැනට වාර්තා වූ රෝගීන්ගෙන් 2064 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර දැනට සිටින සක්‍රීය ආසාදිතයින් ගණන 677ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 11කි.
