Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

ප්‍රමිතියෙන් තොර නළ එළීමට හරස් වුන තෙවරප්පෙරුමට මැර ප්‍රහාරයක්

මතුගම ප්‍රදේශයේ නිසි ප්‍රමිතියෙන් තොරව ක්‍රියාත්මක වූ ජල නළ එලීමේ ව්‍යාපෘතියකට කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම විසින් පසුගිය දා (16) සිය විරෝධය පළ කරමින් එම ව්‍යාපෘතියේ කටයුතු නිසි පරිදි සිදු කිරීමට අවශ්‍ය මැදිහත්වීම සිදු කළේ ය.

හිටපු මන්ත්‍රීවරයා විසින් අද (22) දිනයේ දී එම ව්‍යාපෘතියේ කටයුතු නිරීක්ෂණය සඳහා එම ස්ථානයට ගිය අවස්ථාවේ දී අදාළ ව්‍යාපෘතිය භාර පෞද්ගලික සභාගමේ සේවකයන් හා තෙවරප්පෙරුම මහතා අතර බහින්බස්වීමක් සිදු වී උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙන බව වාර්තා වේ.

අදාළ සිදු වීමෙන් පසුව හිටපු මන්ත්‍රීවරයාට මැර ප්‍රහාරයක් එල්ල වී ඇති බවට පොලීසියට පැමිණිල්ලක් කර තිබෙන අතර පසුව ඔහුගේ හිතවතුන් විසින් ප්‍රතිකාර සඳහා ඔහුව නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

Giraya News Alerts

හිටපු මන්ත්‍රීවරයාගේ වම් පාදයට බරපතල තුවාල සිදු වී ඇති අතර මන්ත්‍රීවරයාගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවට රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කරයි.

සම්බන්ධිත පුවත්

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top