Advertise with Giraya
NEWS

තවත් 16කට සුවයි, ආසාදිතයින් වාර්තා වීම පහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (22) දින පෙරවරු 10.00 වන විට 2730ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

ඊයේ (21) දිනය තුළ දී කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී නොමැති අතර අද (22) දින පස්වරු 5.30 වන විටත් නව ආසාදිතයින් වාර්තා වී නොමැති. දැනට කන්දකාඩු පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 562ක් වේ.

ඒ අනුව, දැනට වාර්තා වී ඇති රෝගීන් 2730 දෙනා අතරින්,

Giraya News Alerts
  • වෙනත් රටවල්වලිනි පැමිණි (විදේශික) – 31
  • වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 874
  • නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
  • කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 562
  • වෙනත් – 313

එමෙන්ම, අද (22) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලවලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2064 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 655ක් වේ.

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2730ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 75.6%ක් ලෙස වාර්තා වේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය ජුලි 10 වන දින 5% ලෙස සටහන් විය. අද (22) දිනයේ දී එය 24%ක් දක්වා වැඩි වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.40%ක් ලෙස ද සටහන් වේ.

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 143,673ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 2723ක් වූ ප්‍රමාණය ජුලි 17 දිනය තුළ දී සිදු කර ඇත. ඊයේ (21) දිනය තුළ දී පී.සී.ආර් පරීක්ෂණ 2158ක් සිදු කර ඇත. මේ මාසයේ එක් එක් දිනයන් හී දී වාර්තා වූ නව ආසාදිතයින් ගණන හා සුවය ලැබූ ප්‍රමාණය පහත දැක්වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (21) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 655 දෙනාගෙන්,

  • ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 59ක් ද,
  • වැලිකන්ද මූලික රෝහලේ 88ක් ද,
  • මුල්ලේරියාව රෝහලේ 02 ක් ද,
  • ඉරණවිල රෝහලේ 11ක් ද,
  • කාතාන්කුඩි රෝහලේ 45ක් ද,
  • මිනුවන්ගොඩ මූලික රෝහලේ 25ක් ද,
  • යුද හමුදා රෝහල (පනාගොඩ) 60 ක් ද,
  • කඹුරුගමුව මහ රෝහලේ 02ක් ද
  • කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 363 වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

එමෙන්ම, පුද්ගලයින්‍ 107 ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි. අවසන් වරට කොරෝනා ආසාදිත මරණය වාර්තා වූයේ ජුනි මාසයේ 01 වැනිදා වේ

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top