කුරුණෑගල, බුවනෙකබාහු රජුගේ රාජ සභාව පවත්වාගෙන ගිය බව කියන ලී අට්ටාලය හා එය ආරක්ෂා කිරීම සඳහා ගොඩනඟා තිබූ ගොඩනැගිල්ල කඩා දැමීම පිළිබඳ සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද මහින්ද රාජපක්ෂ විසින් පත් කළ විශේෂඥ කමිටුවේ අන්තර් කාලින වාර්තාව ජූලි 22 දින පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාර දී තිබෙන බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.
එම අදාළ ගොඩනැගිල්ලේ ඉදිරිපස කොටසේ හානි සිදුව ඇත්තේ පියස්සේ කොටසකට සහ ජනෙල්වලට බැවින් එම කොටස් පුරාවිද්‍යාත්මකව සංරක්ෂණය කිරීමේ හැකියාව පවතින බව එම අන්තර්කාලීන වාර්තාවේ පෙන්වා දී තිබෙනවා. මුළුමනින්ම විනාශ වී ඇති පිටුපස කොටසේ දැව බාල්ක සහ ගඩොල් ඇතුලු ගොඩනැගිලි ද්‍රව්‍ය සුරක්ෂිතව පවතින බව ච එමඟින් පෙන්වා දී තිබෙනවා.
එබැවින් මීට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විස්තරාත්මක ලෙසට වාර්තාගත කර ඇති නිසා සහ සංරක්ෂණ සැලසුම් සකස්කර ඇති නිසා එම පැරණි කොටස නැවත යථාවත් කිරීමේ හැකියාව පවතින බව ද අන්තර්කාලීන වාර්තාව මඟින් සඳහන් කර තිබෙනවා.
එම වාර්තාවෙන් යෝජනා 5ක් ඉදිරිපත් කර ඇති අතර සිව්වැනි යෝජනාවෙන් වගකිවයුත්තන්ට දඩුවම් පමුණුවීම සහ පස්වැනි යෝජනාවෙන් අදාළ ස්ථානය යළි ප්‍රතිසංස්කරණය සඳහා වැයවන මුදල් වගකිව යුතු ආයතනවලින් සහ පුද්ගලයින්ගෙන් අයකර ගැනීමට යෝජනා කොට නිර්දේශ කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු ලේකම්වරයා විසින් මෙම කමිටුව පත් කළ අතර පුරාවිද්‍යා අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය සෙනරත් දිසානායක, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ටී.ජී කුලතුංග, කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් ජී.ඒ කිත්සිරි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩබලන සංවර්ධන අධ්යක්ෂ වාස්තු විද්‍යාඥ සුමේධා මාතොට, බුද්ධ ශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ පුරාවිද්‍යාඥ ප්‍රසාද් රණසිංහ මෙම කමිටුව නියෝජනය කරනවා
එම නිවේදනය පහතින් දැක්වේ.

