Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කන්දකාඩු කඳවුරේ ආසාදිතයින් ගුටි ඇන ගෙන… 5කට තුවාලයි

කන්දකාඩුව කොවිඩ් – 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 05 දෙනකු තුවාල ලබා ඇති බව වැලිකන්ද පොලීසිය සඳහන් කරයි.

මෙම පිරිස ප්‍රතිකාර සඳහා අද (22)අලුයම වැලිකන්ද කොවිඩ් 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත්කර තිබෙන අතර තුවාල කරුවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ,විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර සඳහන් කරයි.

කන්දකාඩුව සහ සේනපුර පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානවලින් හමුවූ කොරෝනා ආසාදිතයින්ගෙන් දෙපිරිසක් අතර මේ ගැටුම ඇතිවී තිබේ.

Giraya News Alerts

කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් 279 දෙනෙකු සහ වැලිකන්ද සේනපුර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා ආසාදිතයින් 84 දෙනෙකු මෙම මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටිති.

ඔවුන්ගෙන් කණ්ඩායම් දෙකක් අතර මේ ගැටුම ඇතිවී තිබෙන‍ අතර ගැටුමට මැදිවූ පිරිස අතින් පයින් පමණක් නොව එම කොවිඞ් – 19 විශේෂිත ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සනීපාරක්‍ෂක පහසුකම් සඳහා භාවිත කෙරෙන කොසු ඉදල් ආදියෙන් ද එකිනෙකාට පහරදී තිබෙන බව පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී ඇත.

එහි ආරක්‍ෂක කටයුතු බාරව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ භට පිරිස් පැමිණ ගැටුම සමථයකට පත්කර තිබෙන අතර වැලිකන්ද පොලීසිය මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top