වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ තහනම් භාණ්ඩ මුදලට විකුණූ රැදවියන් දෙදෙනෙකු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට මාරු කර තිබෙන බව වාර්තා වේ.
මෙම රැඳවියන් දෙදෙනා විසින් බන්ධනාගාරයේ අනෙක් රැඳවියන්ට ජංගම දුරකථන හා බැටරි අලෙවි කර ඇත. එක් කාන්තා රැදවියක් ජංගම දුරකතනයට යොදන බැටරි අනෙකුත් කාන්තා රැදවියන්ට අලෙවි කර ඇත්තේ රුපියල් 4,000 ක පමණ මිලකට බව බන්ධනාගාර දෙපාර්තුමේන්තුව අනාවරණය කරයි.
අනෙක් කාන්තා රැදවියා ජංගම දුරකතන ඇතුළු තවත් තහනම් භාණ්ඩ සෙසු කාන්තා රැදවියන්ට මුදලට ලබාදී තිබෙනවා. මෙම කාන්තා රැදවියන් දෙදෙනා ඔවුන්ට අවශ්‍ය භාණ්ඩ පිටත සිටින පුද්ගලයන් හරහා ලබා ගන්නා බව අනාවරණ වී තිබේ.
කාන්තා රැදවියන් දෙදෙනා ලබාදෙන ඇණවුම්, පාර්සල් ලෙස සකසා පිටස්තර පුද්ගලයන් කාන්තා බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කරනු ලබන්නේ එම රැදවියන් දෙදෙනාට ලබාගත හැකි පරිදි බවට ද තොරතුරු ආනවරණ වී තිබෙනවා. මේ වනවිට එම කාන්තා රැදවියන් දෙදෙනා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ වෙන වෙනම රඳවා සිටින බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සම්බන්ධිත පුවත්
- වැලිකඩ කාන්තා අංශයෙන් තවත් තහනම් බඩු හමුවෙයි
- බන්ධනාගාර තාප්පවලට ඉහළින් වීසි කරන පාර්සල් වලට විසඳුමක් ලැබෙයි
- වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයට තාප්පය පිටත තහනම් භාණ්ඩ සහිත පාර්සල් 18ක් සොයාගනියි
- වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයෙන් හා බූස්ස බන්ධනාගාරයෙන් තවත් තහනම් භාණ්ඩ රැසක් හමුවේ
