Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

එදා රජවරුන් පහක් හදපු මේ වැව් පහ පුරවන්න මම සාගරයක් කියලා මොරගහකන්ද හැදුවා – මෛත්‍රීපාල සිරිසේන

එදා රජවරුන් පස්දෙනකු කරවූ වැව් පහක් ජලයෙන් පිරවීමට තමන් මොරගහකන්ද නමින් සාගරයක් හැදූ බව හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ ය. පරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ මේ මහා ජලාශ සියල්ලම අද ජලයෙන් පිරී තිබෙන බවද කීවේය.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොලොන්නරුව බැඳිවැව ප‍්‍රදේශයේ ඉකුත් 20 වැනිදා පැවැති ජනහමුවක් අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මෛත‍්‍රිපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.

Giraya News Alerts

”ඉස්සර මේ කාලෙට වහිනවද? මේ කාලෙට වහින්නේ නෑ. දැන් අද මොකද වෙලා තියෙන්නේ. අද සම්පූර්ණයෙන්ම කාලගුණය වෙනස් වෙලා. ඇයි මේ? මොරගහකන්ද කළු ගඟ ජලාශය නිසා පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ මහ වැව් ඔක්කොම පිරුණා. වන ඝණත්වය වැඩි වුණා. වනාන්තර වැඩි වුණා. ස්වාභාවික සම්පත් ශක්තිමත් වුණා. ඒ නිසා කාලගුණික වෙනස්වීමක් පොලොන්නරුවේ සිදු වෙමින් පවතිනවා. අනුරාධපුරයේ අනෙක් විදියම තමයි. නමුත් පොලොන්නරුව දිස්ත‍්‍රික්කය වටේම මහා ජලාශ ඔක්කොම පිරිලා. පරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය, ගිරිතලේ කවුඩුල්ල, කන්තලේ මේ වැව් පහම අද පිරිලා. මේ වැව් පහ හැදුවේ රජවරු පස්දෙනෙක්. රජවරු පස්දෙනෙක් හදපු මේ වැව් පහ පුරවන්න මම සාගරයක් කියලා මොරගහකන්ද හැදුවා. ඒක තමයි පොලොන්නරුව ජනතාවගේ දුක නිවපු ජලාශය. තෙරුවන් සරණින් දෙවියන්ගේ පිහිටෙන් දැන් වැව්වල ජල මට්ටම ප‍්‍රශ්නයක් නෑ. ජලය කියන්නේ සශ‍්‍රීකත්වය සහ ධනය. සශ‍්‍රීකත්වයෙන් තමා ධනය උපදින්නේ. ඒකට ජලය තියෙන්න ඕන. ඔබට අක්කර එකෙන් උඩ කුඹුරු ලක්‍ෂයක් තිබුණත් ජලය නැත්නම් වැඩක් නෑ. නියඟය කියන්නේ දුගීකම, දුප්පත්භාවය සහ නැති බැරිකම. ලංකාවේ දුගී බව ඇතිවෙන්න හේතුව නියඟය, වියළි බව. ඒක නිසා අපි පොලොන්නරුව ලොකු සංවර්ධනයකට ගෙනාවා. පාසැල් හැදුවා. රෝහල් හැදුවා. පාරවල් හැදුවා. දැන් පොලොන්නරුවට හොඳ අනාගතයක් තිබෙනවා. මම මෙතෙක් කරගෙන ආ සංවර්ධන කටයුතු තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යනවා. කවුරු කොහොම කිව්වත් අගෝස්තු මාසේ පස්වැනිදායින් පස්සේ පොලොන්නරුවේ සංවර්ධනයේ වගකීම සම්පූර්ණයෙන්ම මගේ අතේ කියන එක කියන්න ඕන.’

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top