රාජාංගණය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිරෝධායනයට ලක් කර සිිටින පුද්ගලයින් දෙවන වරටත් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීම අද දිනයේ දී ආරම්භ වේ.
ඒ අනුව, අද (22) දිනය තුළ පුද්ගලයින් 180 දෙනෙකු පමණ දෙවන වටයේ PCR පරීක්ෂණ සඳහා යොමු කරන බව අනුරාධපුර ප‍්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක සඳහන් කරයි.
රාජාංගණය ප‍්‍රදේශයෙන් මේ දක්වා වාර්තා වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 19 දෙනෙකු පමණක් බව ද වෛද්‍ය තේජන සෝමතිලක වැඩිදුරටත් සඳහන් කරයි.
නිරෝධායනයට ලක් කර ඇති 1159 අතරින් පළමු වටයේ PCR පරීක්ෂණ 900ක් පමණ සිදු කර තිබු අතර එයින් 60% පමණ දෙවන වටයේ PCR පරීක්ෂණය සඳහා යොමු කෙරේ. ඒ අනුව, අද දිනයේ PCR 180ක් පමණ සිදු කරන්නට සූදානම් කර තිබේ. මේ ඇසුරෙන් අවසන් රෝගියා ලෙස 14 හැවිරිදි දැරියක් වාර්තා වී තිබුණේ මීට දින දෙකකට පමණ පෙර ය.
