Advertise with Giraya
Giraya NewsGiraya News
POLITICS

සජිත්ගේ ප්‍රතිපත්ති මාලාව ටී.එන්.ඒ එකට සමානයි – අගමැති මහින්ද

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති මාලාව සහ දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති මාලාව අතර සමානකම් තිබෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. එමෙන්ම, එක්සත් ජාතික පක්ෂය කඩා දැමූ සජිත් ප්‍රේමදාස මහතාට රට බෙදා වෙන් කිරීම අරුමයක් නොවන බව ද අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, මහ මැතිවරණයට තරඟ වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර තෙල්දෙණියේ දී ඊයේ (21) පැවති ජනහමුවක් අමතමින් ය.

ජනාධිපති ප්‍රේමදාස යුගයේ හැටදහසකට අධික තරුණ තරුණියන් පිරිසක් ඝාතනය කළ බවත්, එකළ වෛද්‍ය පීඨයේ සිටි වෛද්‍ය සිසුන් පමණක් 22දෙනෙකු ඝාතනය කළ බවත් අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.

Giraya News Alerts

ප්‍රේමදාස යුගයේ ඉතිහාසය මෙය බවත් නමුත් එය බොහො පිරිසකට මේ වන විට එය අමතක වී ඇති බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය. පියාගේ පාලන කාලයේ සිදුකළ දේ පුතාගේ පාලනයක් යටතෙත් සිදුවිය හැකි බවට බියක් දැනෙන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top