පොලිස් විශේෂ කාර්ය බලකායේ ඇතැම් නිලධාරීන්, ජාවාරම්කරුවන්ට මුදලට ආරක්ෂාව ලබාදී ඇති බවට අනාවරණ වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (21) දැනුම් දී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වූ විමර්ශන වාර්තා ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බව, එම දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ සදහන් කළේ ය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත් වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් 13 දෙනා අගෝස්තු මස 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (21) නියෝග කළා. කෙසේවෙතත්, සැකකරුවන් එදින අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස්, සිද්ධියට අදාළව දැනට සිදුකර ඇති විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කළේ ය. අගෝස්තු මස 4 වනදා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර ඇත.
