හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් හට ලබන 27 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (21) දිනයේ දී නොතීසි නිකුත් කරනු ලැබුවා.
පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කර ගෙන යන විමර්ශනයන්ට අදාළ ව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍යවරයාට එම දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස මීට පෙර අවස්ථා දෙකකදී දැනුම් දීම් කර තිබිණි.
කෙසේවෙතත්, ඔහු නොපැමිණීම හේතුවෙන් අද (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබද අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න සඳහන් කළේ ය.
එසේම, මැතිවරණය අවසන් වන තෙක් තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවීම නතර කරන ලෙස මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන් විසින් මැතිවරණ කොමිසමෙන් හා වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඊයේ (19) ඉල්ලීමක් සිදු කළ අතර එම ඉල්ලීම සලකා බලමින්, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන රිෂාඞ් බදියුදීන් මෙන්ම රවී කරුණානායක සම්බන්ධයෙන් ද සිදු කෙරෙන පොලිස් විමර්ශන තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දී තිබුණි.
එහිදී, ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය අවසන් වන තෙක් එම විමර්ශන අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය ලිඛිතව දන්වා තිබුණා.
මේ සම්බන්ධයෙන් අද (21) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කළේ, රිෂාඩ් බදුර්දීන් පිළිබඳව සිදු කෙරෙන විමර්ශනයන් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයට බාධාවක් නොවන අයුරින් සිදු කළ යුතු බවයි.
එහිදී අදහස් දක්වමින් සභාපතිවරයා, ‘ඒ කරුණ මැතිවරණ කොමිසමේ සභාපති ගත්තු තීන්දුවක් නෙමෙයි. අපි පස්දෙනා ඉන්න වෙලාවේ ලැබුණු ලිපි යටතේ තිබුණා රිෂාඩ් බදියුදීන් මහත්මයාත්, රවී කරුණානායක මහත්මයාත් එවපු ලිපි දෙකක්. අපි ඒ කරුණ පොලිස්පතිතුමාට දන්වලා තියෙනවා. අපි තිදෙනාගේම අත්සනින් යුතු ලිපියක් මෙයට පෙර ඡන්ද විමසීම්වලත්, ඡන්ද විමසීම් කාලයට පෙර සිද්ධියක් සම්බන්ධයෙන් වන පැමිණිල්ලක් තියෙනවා නම් ඒකට කරුණු විභාග කරනවා නම්, ඒක මැතිවරණ ව්‍යාපාරයට බාධාවක් නොවන සේ කළ යුතුය කියන ඉල්ලීම අපි පොලීසියට කියලා පොලීසිය එකඟවෙලා ක්‍රියා කරලා තියෙනවා.
කොයි වෙලාවකවත්, එක් අපේක්ෂකයෙකුට විශේෂයක් හෝ පක්ෂයකට සලකලා නැ. අපි අද රැස්වීමේ දී පොලිස්පතිවරයාගේ ලිපිය ගැන සාකච්ඡා කළා. අපි ඒ සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව අපි හෙට දිනයේ පොලිස්පතිතුමාට පිළිතුරක් යවන්න බලාපොරොත්තු වෙනවා.
අපි හිතනවා මේක ගැටලුවක් නැතිව පොලීසියේ අවශ්‍යතාවයත් ඉටු වෙන පරිදි දේශපාලඥයන්ගේ ප්‍රචාරක කටයුතු වලට බාධාවක් නොවන පරිදි විසඳගන්න පුළුවන් වෙයි කියලා’ යැයි පැවසුවේ ය.
