පසුගියදා ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ආචාර්යවරයකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු වීමෙන් පසුව ඔහුගේ ආශ්‍රිතයින් 154 කට පී.සී.ආර් පරීක්ෂණයට ලක් කළ අතර එම වාර්තා අනුව එම කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කරයි.
භෞතික විද්‍යා විෂය ඉගැන්වීම සිදු කරන එම ආචාර්යවරයාගේ ඥාතියකු කන්දකාඩු පිහිටි මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නන් පුනරුත්ථාපනය කෙරෙන මධ්‍යස්ථානය වෙත ගොස් ඇති අතර ඔහු මාර්ගයෙන් ආචාර්යවරයාට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූයෙන් ඔහු ප්‍රතිකාර පිණිස යොමු කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
එම ආචාර්යවරයා උපකාරක පන්ති පවත්වා ඇති බැවින් එම ආශ්‍රිතයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 102 ක් නිරෝධායනයට යොමු කර ලබා ගත් පී.සී.ආර් පරීක්ෂණ සහ ඉන්පසුව තවත් ආශ්‍රිතයින් 52 දෙනෙකුගෙන් පෙරේදා (20) ලබාගත් පී.සී.ආර් පරීක්ෂණ අනුව එම කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කරයි.
