හෝමාගම කහතුඩුව ප්‍රදේශයෙන් කොවිඩ් – 19 ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වීමෙන් පසු එලෙස කොවිඩ් – 19 ආසාදිත බවට හදුනා ගත් එක් දරුවෙකු සහභාගී වූ උපකාරක පන්තියක ඉගෙනුම ලැබූ දරු දැරියන් හා ඔවුන්ගේ මාපියන් ද අදාළ ගුරුවරිය ද ඇතුළු 65 දෙනෙකු අද (21) දින කොට්ටාව ප්‍රදේශයේ දී පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමට කටයුතු කළ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ පවසයි
කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ දී කොවිඩ් 19 ආසාදිත වූ පුද්ගලයෙකුගේ ආශ්‍රිතයින් ලෙස නිරෝධායනයට ලක් කර සිටිය දී මෙම තිදෙනාට ද කොවිඩ් – 19 ආසාදිත බව පසුගියදා හඳුනා ගත් බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය.
එලෙස, ආසාදිත බවට හඳුනා ගත් තිදෙනා අතර පාසල් දරුවන් දෙදෙනෙකු ද සිටි බවත් ඒ අතරින් පළමු වසරෙහි ඉගෙනුම ලැබූ දරුවාට පිළියන්දල ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් විසින් පෞද්ගලික උපකාරක පන්තියක් පවත්වා ඇති බවත් එම නිසාවෙන් පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ද සහය ඇතිව අදාළ පිරිස සොයා ඔවුන් නිවාස තුළම නිරෝධායනයට ලක් කර මෙලෙස පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කළ බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
