ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (21) දින පෙරවරු 10.00 වන විට 2730ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
ඊයේ (20) දිනය තුළ දි කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් පස් දෙනෙකුම සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. අනෙක් පුද්ගලයා රාජාංගනයේ පදිංචි නිරෝධායනය වෙමින් සිටි කන්දකාඩු ආසාදිතයින්ගේ ආශ්‍රිතයෙක් වේ.
දැනට කන්දකාඩු පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 562ක් වේ.
අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර දැනට වාර්තා වූ රෝගීන්ගෙන් 906 දෙනෙකු නාවික හමුදාවේ සාමාජිකයින් වන අතර අද (20) පෙරවරුව වන විට ප්‍රතිකාර ලබමින් සිටි අවසාන නාවික හමුදා සෙබළුන් තිදෙනා ද පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
දැනට වාර්තා වී ඇති රෝගීන් 2730 දෙනා අතරින්,
- වෙනත් රටවල්වලිනි පැමිණි (විදේශික) – 31
- වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 874
- නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 562
- වෙනත් – 313
මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 141,515ක් වේ. ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 2723ක් වූ ප්‍රමාණය ජුලි 17 දිනය තුළ දී සිදු කර ඇත. මේ මාසයේ එක් එක් දිනයන් හී දී වාර්තා වූ නව ආසාදිතයින් ගණන හා සුවය ලැබූ ප්‍රමාණය පහත දැක්වේ.

එමෙන්ම, අද (20) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලවලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2041 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 671ක් වේ.

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2730ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 75%ක් දක්වා අඩු වී තිබේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය ජුලි 10 වන දින 5% ලෙස සටහන් විය. අද (19) දිනයේ දී එය 24.5%%ක් දක්වා වැඩි වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.40%ක් ලෙස ද සටහන් වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (21) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 671 දෙනාගෙන්,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 68ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 83ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 02 ක් ද,
- ඉරණවිල රෝහලේ 15ක් ද,
- කාතාන්කුඩි රෝහලේ 46ක් ද,
- හෝමාගම රෝහලේ 00ක් ද,
- මිනුවන්ගොඩ මූලික රෝහලේ 25ක් ද,
- යුද හමුදා රෝහල (පනාගොඩ) 62 ක් ද,
- කඹුරුගමුව මහ රෝහලේ 02ක් ද
- කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 368 වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
එමෙන්ම, පුද්ගලයින් 94 ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි. අවසන් වරට කොරෝනා ආසාදිත මරණය වාර්තා වූයේ ජුනි මාසයේ 01 වැනිදා වේ.
