Advertise with Giraya
NEWS

වන අලියෙකු නිසා තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වන අලියෙකු පහරදීමෙන් ඊයේ (20) පස්වරුවේ තවත් පුද්ගලයෙකුට තම ජීවිතය අහිමි වී ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ, සූරියවැව – වැලිවැව ප්‍රදේශයේ පදිංචි පදිංචි වයස අවුරුදු 42ක් වන විවාහක පුද්ගලයෙක් ය.

ජීවිතක්ෂයටපත් පුද්ගලයා තම ගවයින් ගෙන ඒම සඳහා වැලිවැව ප්‍රදේශයේ වන අලි කළමනාකරණ රක්ෂිතය තුළට විදුලි වැටෙන් ඇතුළට ගොස් ඇති අවස්ථාවේ මෙම වන අලියා පහරදීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කරයි.

අදාළ මිය ගිය පුද්ගලයා රාත්‍රී වනතුරු නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් හා ප්‍රදේශවාසින් එක්කව සිදුකළ සෝදිසියකදී වන අලියා පහරදීමෙන් මියගොස් තිබූ සිරුර යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය තුළ තිබී සොයාගෙන තිබේ.

මේ ආකාරයෙන් මීට සතියකට පමණ පෙර සූරියවැව එළල්ල ග්‍රාම නිලධාරී වසමේ වැලිහිටිය වැව ආසන්නයේදී වයස අවුරුදු 65ක පුද්ගලයෙකු ද වන අලි පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඒ අනුව මෙම මාසය තුළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වන අලි පහරදීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් එක් වන අලියෙකු වෙඩි තබා ඝාතනය කිරීමක් ද වාර්තා වේ.

මෙලෙස, මිනිස් ජීවිත මෙන්ම, වනසතුන්ගේ ජීවිත විනාශ වීමට ප්‍රධානතම හේතුව යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් නොකිරීම තුළ සිදුවන වන විනාශය බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top