Advertise with Giraya
NEWS

රාජාංගනයෙන් තවත් ආසාදිතයෙක් වාර්තා වෙයි, අද වාර්තා වූ ආසාදිතයින් ගණන 6ක්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන අද (20) පස්වරු 7.45 වන විට 2730 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. දිනය තුළ ආසාදිතයින් 6ක් වාර්තා වී ඇති බව ද වාර්තා වේ.

වාර්තා වූ ආසාදිතයින් 6 දෙනාගෙන් පස් දෙනෙකුම සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. අනෙක් පුද්ගලයා රාජාංගනයේ පදිංචි නිරෝධායනය වෙමින් සිටි කන්දකාඩු ආසාදිතයින්ගේ ආශ්‍රිතයෙක් වේ.

කන්දකාඩු පොකුරෙන් මේ වන විට වාර්තා වී ඇති ආසාදිතයින් ගණන 561ක් වේ.

මේ වන විට, ආසාදිතයින් 2041 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය අද වාර්තා කළා. ඒ අතරට, අද (20) පෙරවරු 10.00 වන විට සුවය ලැබූ ආසාදිතයින් 6 දෙනෙකු ද ඇතුළත් වේ.

දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන සක්‍රීය ආසාදිතයින් ගණන 677ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ගණන 11කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top