Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

තවත් කඳුකර කොටියෙකු මද්දකට හසු වී මිය යයි

තවත් කඳුකර කොටියෙකු මද්දකට හසුවීමෙන් අද(20) දින මියගොස් ඇති බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක පවසයි.

නාවලපිටිය පොලිස් වසමට අයත් මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක් මත මද්ද සහිතව කොටියා මිය ගොස් සිටි බව ඔහු සඳහන් කළේය.

කොටියාගේ උදරය මද්දට හසු වීමෙන් දැඩි ලෙස තුවාල ලබා ඇත. කෝපි ගස මත කොටියෙකු මියගොස් සිටින බවට ප්‍රදේශ වාසීන් නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරින් වෙත දැනුම් දී තිබිණි.

Giraya News Alerts

මාපකන්ද ප්‍රදේශයේ වගා භුමියක සතුන් දඩයම් කිරිම සඳහා දඩයම්කරුවන් විසින් අටවන ලද මද්දකට හසු වී ඇති එම කොටියා මද්ද කඩාගෙන විත් මාපකන්ද ප්‍රදේශයේ කෝපි ගසක නැග ඇති අතර එහිදී කෝපි ගසේ මද්ද සවි කර තිබූ මුගුර ගසේ සිරවීම නිසා ඉන් බේරීමට උත්සහ කර ඇති අවස්ථාවේ ගස මත ම මිය ගොස් තිබිණි.

අවුරුදු 7 ක් පමණ වයසැති කොටි දෙනක් මෙසේ මිය ගොස් ඇති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර මිය ගිය කොටියාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත යොමු කරන බව නල්ලතන්නි වන ජීවි කාර්යාලයේ සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක වැඩිදුරටත් පැවසීය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top