වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ සිදුකළ තවත් වැටලීමකදි හෙරොයින් ග‍්‍රෑම් 400 ක් ද ජංගම දුරකතන 19 ක් සහ සිම් කාඞ්පත් 09 ක් ද සොයා ගැණුනු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. තවද, මෙහිදී ජංගම දුරකතනවලට යොදන බැටරි 165ක් ද සොයා ගෙන තිබෙනවා.
වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ වයි වාට්ටුවේ මෙම වැටලීම් සිදුකළ අතර රැදවියන් 70 කට ආසන්න පිරිසක් එහි රැඳී සිටිනවා. මෙම වැටලීම සිදුකළේ බන්ධනාගාර බුද්ධි අංශයට අනියුක්ත කාන්තා නිලධාරිනියන් පිරිසක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
