Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

සුවය ලැබූ ගණන 2041 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (20) දින පෙරවරු 10.00 වන විට 2724ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

ඊයේ (19) දිනය තුළ දි කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් 16 දෙනෙකුම විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. ඔවුන්ගෙන් නව දෙනෙකු සෞදි අරාබියේ සිට ද, තිදෙනෙක් කටාර් සිට ද, දෙදෙනෙකු ඉන්දියාවේ සිට ද, දෙදෙනෙකු එක්සත් එමීර් රාජ්‍යයේ සිට ද පැමිණි පුද්ගලයින් වේ.

වාර්තා වූ අනෙක් ආසාදිතයින්ගෙන් තිදෙනෙකු කහතුඩුව ප්‍රදේශයේ පදිංචි නිරෝධායනය වෙමින් සිටි කන්දකාඩු ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වේ. තවත් එක් අයෙක් පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි නිරෝධායනයට ලක් වෙමින් සිටි කන්දකාඩු ආසාදිතයින්ගේ ආශ්‍රිතයෙකි.

Giraya News Alerts

දැනට කන්දකාඩු පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 560ක් වේ.

එමෙන්ම, අද (20) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 6 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලවලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2041 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 672ක් වේ.

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2724ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 75.2%ක් දක්වා අඩු වී තිබේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය ජුලි 10 වන දින 5% ලෙස සටහන් විය. අද (19) දිනයේ දී එය 24.3%%ක් දක්වා වැඩි වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.41%ක් ලෙස ද සටහන් වේ.

අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර දැනට වාර්තා වූ රෝගීන්ගෙන් 906 දෙනෙකු නාවික හමුදාවේ සාමාජිකයින් වේ. එම ආසාදිතයින්ගෙන් 904 දෙනෙකුම සුවය ලබා ඇත. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන්නේ කොරෝනා ආසාදිත වූ නාවික සෙබළුන් 02 ක් පමණි.

දැනට වාර්තා වී ඇති රෝගීන් 2724 දෙනා අතරින්,

  • වෙනත් රටවල්වලිනි පැමිණි (විදේශික) – 31
  • වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 869
  • නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
  • කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 560
  • වෙනත් – 313

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 139″591ක් වේ. මැයි මාසය තුළ දී සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,873ක් ද, ජුනි මාසය තුළ සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,455 වේ.

ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන 2723ක් වූ ප්‍රමාණය ජුලි 17 දිනය තුළ දී සිදු කර ඇත. මේ මාසයේ එක් එක් දිනයන් හී දී වාර්තා වූ නව ආසාදිතයින් ගණන හා සුවය ලැබූ ප්‍රමාණය පහත දැක්වේ.

මැයි මාසය තුළ දී වාර්තා වී ඇති රෝගින් ගණන 971ක් ද, ජුනි මාසය තුළ වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 414ක් වේ. මැයි මාසය තුළ සුවය ලැබූ ගණන 646 ක් ද ජුනි මාසය තුළ දී සුවය ලැබූ ගණන 910ක් ද වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (20) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 672 දෙනාගෙන්,

  • ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 67ක් ද,
  • වැලිකන්ද මූලික රෝහලේ 84ක් ද,
  • මුල්ලේරියාව රෝහලේ 02 ක් ද,
  • ඉරණවිල රෝහලේ 18ක් ද,
  • කාතාන්කුඩි රෝහලේ 37ක් ද,
  • හෝමාගම රෝහලේ 00ක් ද,
  • මිනුවන්ගොඩ මූලික රෝහලේ 25ක් ද,
  • යුද හමුදා රෝහල (පනාගොඩ) 62 ක් ද,
  • කඹුරුගමුව මහ රෝහලේ 02ක් ද
  • කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 367 වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
  • තවත් ආසාදිතයින් 8 දෙනෙකු රෝහල් වෙත යොමු කරමින් පවතියි.

එමෙන්ම, පුද්ගලයින්‍ 119 ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි. අවසන් වරට කොරෝනා ආසාදිත මරණය වාර්තා වූයේ ජුනි මාසයේ 01 වැනිදා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top