Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

කන්දකාඩු පොකුරෙන් ආසාදිතයින් 560ක් වාර්තා වෙයි, 41ක් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා පොකුරෙන් අද (20) උදෑසන වන විට ආසාදිතයින් 560 දෙනෙකු වාර්තා වී ඇති බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වාර්තා වූ ආසාදිතයින් අතරින් 451 දෙනෙකුම එම මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර 63 දෙනෙකු කාර්යමණ්ඩලයට අයත් සාමාජිකයින් වේ. තවත් පස්දෙනෙකු ආරාධිත කාර්යමණ්ඩලයට අයත් පුද්ගලයින් වේ. ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 41 දෙනෙකු ද වාර්තා වී තිබේ.

මේ අතර, ඊයේ (19) දිනයේ දී ද වාර්තා වූ ආසාදිතයින් 20 දෙනා අතරින් සිව් දෙනෙකුම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ. ඔවුන්ගෙන් තිදෙනෙකු කහතුඩුව ප්‍රදේශයේ ද, එක් අයෙකු පැල්මඩුල්ල ප්‍රදේශයේ ද නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.

Giraya News Alerts

එමෙන්ම, අද දිනයේ දී කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයේ පුද්ගලයින් 6 දෙනෙකු නිරෝධායනය අවසන් කර පිටත්ව යෑමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව, මේ වන විට නිරෝධායනය අවසන් කර පිටත්ව ගොස් ඇති සමස්ත පුද්ගලයින් ගණන 24,403ක් වේ. ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 53ක පුද්ගලයින් 6,052ක් මේ වනවිට නිරෝධායනය වෙමින් සිටී.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top