Advertise with Giraya
NEWS

ජනාධිපති ආරක්ෂක අංශ රථ දෙකක් අනතුරට පත් වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ගමන්ගත් රථ දෙකක් මහරගම නගරයේදී එකිනෙක ගැටීමෙන් ඊයේ (19) රාත්‍රියේ අනතුරක් සිදුව ඇති බව මහරගම පොලිසිය පවසයි.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර රථ දෙකට සුළු හානි සිදුව ඇති බව ද පොලිසිය කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වී නැවත කොළඹ බලා එමින් සිටියදී රාත්‍රී 9.20 ට පමණ මහරගම නගර මධ්‍යයේ දී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි

Giraya News Alerts

පොලිසිය සඳහන් කරන පරිදි, ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට පසුව පසින් ගමන්ගත් රථ පෙළ හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී අසල නවතා තිබූ ත්‍රීරෝද රථයක් එකවරම හැරවීමට යාමේදී සිදුවීමට ගිය අනතුර වළක්වා ගැනීම සඳහා ගමන් ගත් ජිප් රථයක් තිරිංග තද කරනවාත් සමඟම පිටුපසින් පැමිණි ජිප් රථය ඉදිරියෙන් ගමන් ගත් ජීප් රථයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර ත්‍රීරෝද රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ජීප් රථ දෙක සහ ත්‍රීරෝද රථය පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top