ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් පොළොන්නරුව දිස්ත්රික්කයට මෙවර මහ මැතිවරණය සඳහා තරඟ කරන රොෂාන් රණසිංහ මහතා මැතිවරණ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොළොන්නරුව , නවනගරයට ගිය මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිරිසකගේ රාජකාරියට බාධාකළ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි.
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පොළොන්නරුව නවනගරය ප්රදේශයේ පිහිටි හෝටලයෙක ඊයේ (19) රැස්වීමක් පැවැත්වෙන බවට මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිල්ලක් විමර්ශනය කිරීමට ගිය නිලධාරීන් පිරිසකට බැණවැදී ඔවුන්ගේ රාජකාරියට බාධාකළ බවට ඒ නිලධාරීහු මැතිවරණ කොමිසමට පැමිණිලිකර ඇත.
එමෙන්ම, අදාළ නීති විරෝධී රැස්වීමට රජයේ වාහන යොදාගෙන රජයේ සේවකයින් ද සහභාගී කරවාගෙන සිටි බවට මැතිවරණ කොමිසමේ නිලධාරින් සිය විමර්ශනවල දී අනාවරණය කරගෙන ඇත.
ශ්රී ලංකා මහවැලි අධිකාරියට අයත් වාහනයක් සහ එම වාහන සමඟ පැමිණි රජයේ නිලධාරීන් ද රැස්වීමේ සිටි බවට මැතිවරණ කොමිසමේ නිලධාරීන් කරුණු වාර්තා කර තිබේ.
