මහ මැතිවරණය අවසන් වූ වහාම උපාධිධාරීන්ට පත්වීම් ලබාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (19) පස්වරුවේ රත්නපුර ගොඩකවෙල පැවති ජන හමුවකදීය.
උපාධිධාරීන් ලෙස කටයුතු කිරීමේදී ඔවුන්ගේ දැනුම ඵලදායි ලෙස යොදා ගත යුතු බවත් එය රටේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා යොදා ගත යුතු බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.
මෙවර මහ මැතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණින් රත්නපුර දිස්ත්රික්කයට තරඟ වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කරන ජනහමු කිහිපයකට සහභාගී වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ ඇඹිලිපිටිය මහවැලි ක්රීඩාංගණයට පැමිණියේය.
