Advertise with Giraya
NEWS

සමගි ජන බලවේගයේ සම්බන්ධීකරණ නිලධාරි නිමල් ආර්. පීරිස් ඇප මත නිදහස්

තැපැල් ගාස්තු අවභාවිතා කිරීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී නිමල් ආර් පීරිස් රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත මුදා හැර තිබෙනවා.

පොලීසිය පැවසුවේ රුපියල් 113,460ක තැපැල් ගාස්තු අවභාවිත කිරීම ඔහුට එල්ල වි ඇති චෝදනාව බවත් ඔහු පළාත් සභා මන්ත‍්‍රීවරයෙක් ලෙස කටයුතු කළ සමයේ තලවතුගොඩ තැපැල් කාර්යාලයෙන් තැපැල් මුද්‍රා යන්ත‍්‍රයක් ලබා ගෙන එම යන්ත‍්‍රයේ මුද්‍රා කඩා දත්ත වෙනස් කර මහ මැතිවරණයට අදාළ ප‍්‍රචාරණ පත‍්‍රිකා තැපැල් කර ඇති බවත් ය.

සමගි ජන බලවේගයේ සම්බන්ධීකරණ නිලධාරිවරයෙකු ලෙස කටයුතු කරන නිමල් ආර් පීරිස්, ඊට අදාළ ලිපි 7,564ක් යොමු කිරීම සඳහා වංචනික ලෙස නිදහස් තැපැල් මුද්‍රාව යොදාගෙන ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

Giraya News Alerts

ඉකුත් ජුනි 27 වනදා ඔහුගේ නිවසේ සමගි ජන බලවේගය පක්ෂයේ රැස්වීමක් පැවති අතර ඊට අදාළ ලිපි ද ඔහු ඒ ආකාරයට විවිධ පුද්ගලයින්ට යවා ඇති බව වාර්තා වන බව ද පොලීසිය සඳහන් කරයි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top