(යාවත්කාලීන කිරීම ජුලි 20 වන දින පෙරවරු 7.31ට)
ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන ඊයේ (19) පස්වරු 10.20 වන විට 2724 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව වාර්තා කරයි. ඒ, ඊයේ (19) දිනයේ දී නව ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.
වාර්තා වූ රෝගීන් 20 දෙනාගෙන් තිදෙනෙකු කහතුඩුව ප්‍රදේශයේ පදිංචි නිරෝධායනය වෙමින් සිටි කන්දකාඩු ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වේ. තවත් එක් අයෙක් පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි නිරෝධායනයට ලක් වෙමින් සිටි කන්දකාඩු ආසාදිතයින්ගේ ආශ්‍රිතයෙකි.
අනෙක් ආසාදිතයින් 16 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ. ඔවුන්ගෙන් නව දෙනෙකු සෞදි අරාබියේ සිට ද, තිදෙනෙක් කටාර් සිට ද, දෙදෙනෙකු ඉන්දියාවේ සිට ද, දෙදෙනෙකු එක්සත් එමීර් රාජ්‍යයේ සිට ද පැමිණි පුද්ගලයින් වේ.
ඊයේ (19) පෙරවරු 10.00 වන විට තවත් රෝගීන් 12 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, දැනට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 2035ක් වේ.
දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන ආසාදිතයින් ගණන 678ක් වේ. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 11කි.
