අගෝස්තු 05 වන දින මැතිවරණයෙන් පසුව තමන් සිදු කරනුයේ පොළොන්නරුවේ සංවර්ධනය පමණක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඔහු මේ බව පැවසුවේ, පොළොන්නරුව ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ය.
එම අවස්ථාවේ දී අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා, “මට බනින, මට විවේචනය කරන, මාත් එක්ක එක ලැයිස්තුවේ ඉඳන්ම ඡන්දය ඉල්ලන, ඒ අය මොනවාද මේ පොළොන්නරුවේ දේශපාලනය දන්නේ?
මං මේ ඡන්දය ඉල්ලන්නේ, ජනාධිපති අගමැති වෙන්න නෙමෙයි, පොළොන්නරුවේ සංවර්ධනය විතරයි මං අගෝස්තු 5න් පස්සේ කරන්නේ. ඒක මං බොහොම පැහැදිලිව තමුන්නාන්සේලාට කියන්නට ඕනේ.
මේ වැව් ටික පිරුණාම තමුන්නාන්සේලා කන්න තුනට යන්න බලන්න ඕන. දැන් ඒක තමයි, මගේ සැලැස්ම. අගෝස්තු 5න් පස්සේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගොවි ජනපද ව්‍යාපාර කන්න තුනට ගෙනියන එක. කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව, වාර් මාර්ග එකතු වෙලා මේ මහා ජල කඳ ආපහු මහවැලි ගඟට ගිහින් මුහුදට යන එක වළක්වාගෙන තමුන්නාන්සේලා කන්න තුනට යන්න ඕනේ. ඒක තමයි අවශ්‍ය දේ.
මම අගෝස්තු 5න් පස්සේ ගොවීන් වෙනුවෙන් අන්න ඒ වැඩපිළිවෙල තමයි ගන්නේ අතට.” යැයි පැවසුවේය.
