Advertise with Giraya
NEWS

හබරාදුව උපදේශකවරයා සුව වී නිවසට යයි

කොරෝනා ආසාදනය වීමෙන් කොළඹ අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හබරාදුව හිනටිගල ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයා සුවය ලබා නිවසට පැමිණි බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමෝද සිරිවර්ධන සඳහන් කළේය.

එම උපදේශකවරයාට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි කළ පී. සී.ආර්. පරීක්ෂණයේ දි කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ප්‍රතිකාර සදහා කොළඹ අයි.ඩි.එච් රෝහල වෙත ඇතුළත් කරන ලදී.

මෙම උපදේශකවරයාගේ බිරිඳ ඇතුළු සමිප ආශ්‍රිතයින් 21 දෙනෙකු මෙම මස 22 වැනි දින දෙවැනි වතාවට ද පී.සී.අර්. පරීක්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු කරන බව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.

Giraya News Alerts

පළමු පී.සී.ආර්. පරීක්ෂණයේ දි මෙම උපදේශකවරයාගේ සමීප ආශ්‍රිතයින් කිසිවෙකුටවත් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සදහන් කළේය

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top