Advertise with Giraya
NEWS

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සියලුම බෝවන රෝග පාලන රාජකාරීවලින් ඉවත් වෙති

සියලු බෝවන රෝග පාලන රාජකාරී කටයුතුවලින් ද අද (19) සිට ඉවත් වීමට සිය සංගමය තීරණය කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ තම සංගමයේ ගැටලු විසඳීමට පියවර නොගන්නේ නම් ඉදිරියේ දී වර්ජනයකට වුව ද සූදානම් බවයි.

පසුගිය සිකුරාදා (17) පස්වරු 12:30 සිට තම නිලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද කෝවිඩ්-19 වසංගත පාලනයට අදාළ සියලුම කටයුතුවලින් ඉවත්වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනය කළේය.

Giraya News Alerts

කෝවිඩ්-19 පාලනයට අදාළ මැතිවරණ මාර්ගෝපදේශ සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කළත් “මහජනතාව පීඩාවට ලක්වීම වැළක්වීම සඳහා” මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට බලය නොදෙන බවට සෞඛ්‍ය ඇමතිනිය කළ ප්‍රකාශයත් ඒ හමුවේ නීතිමය රැකවරණය රහිතව සිය රාජකාරී කිරීමට නොහැකි වීමත් පදනම් කරගෙන ඉහත කී වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹුණු බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top