Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

අද වාර්තා වූ ආසාදිතයින් ගණන 7යි, සමස්තය 2704ක් වෙයි

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් – 19 ආසාදිතයින් ගණන අද (18) පස්වරු 11.45වන විට 2704 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, අද දිනය තුළ මෙතෙක් නව ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගෙන ඇත.

වාර්තා වූ රෝගීන් 7 දෙනාගෙන් සිව් දෙනෙකු හෝමාගම ප්‍රදේශයේ පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු නිලධාරියෙකුගේ පවුලේ සමීපතමයින් වේ.

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ද එක් රැඳවියෙකු කොරෝනා ආසාදිත බවට තහවුරු වී ඇත.

Giraya News Alerts

තවද, ලංකාපුර පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයෙකු වාර්තා වී ඇත. අනෙක් පුද්ගලයා පිලිපීනයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු වේ.

අද (18) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, දැනට වාර්තා වූ ආසාදිතයින්ගේන 2023 දෙනෙකු සුවය ලබා ඇත.

දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 670 ක් ලෙස වාර්තා වේ. ජීවිතක්ෂයට පත් වූ ආසාදිතයින් ගණන 11කි.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top