Advertise with Giraya
NEWS

කන්දකාඩු ආරක්ෂක අංශයේ නිලධාරියෙකුගේ පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකුට කොරෝනා

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සිව්දෙනෙකු අද (18) සවස 5.00 වන විට වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කරන ආරක්ෂක අංශ නිලධාරියෙකුගේ ආශ්‍රිතයින් සිව්දෙනෙකුට වේ.

මෙම ආරක්ෂක අංශ නිලධාරියා හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ මවට ද මිට දින දෙකකට පෙර වෛරසය ආසාදනය වූ බවට තහවුරැ වු බව හෝමාගම දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශ කරයි. එලෙස වෛරසය ආසාදනය වුයේ හෝමාගම පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරිනියකට වන අතර ඇය සේවය කළ ස්ථානයේ නිලධාරින් 31ක් දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයට යොමු කොට ඇත.

අද (18) දිනයේදී වාර්තා වූ ආසාදිතයින් සිව්දෙනා එම ආරක්ෂක අංශ නිලධාරියාගේ පියා, සහෝදරයින් දෙදෙනා සහ මිත්තණිය බව සෞඛ්‍ය බලධාරින් සඳහන් කරයි.

Giraya News Alerts

මෙම හමුදා නිලධාරියාට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වීමත් සමඟ අදාළ නිලධාරියාගේ නිවසේ සිටි සාමාජිකයින් 06 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළ බවත් ඉන් 05 දෙනෙකුට මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය බලධාරින් වාර්තා කරයි.

මේ වන විට කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය ආශ්‍රිතව ඇතිවූ කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 554ක් වේ.

අද (18) වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2702ක් වන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 2023ක්. මේ වන විට රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 668ක් වනවා.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top