Advertise with Giraya
Giraya NewsGiraya News
NEWS

තවත් 11කට සුවයි, සුවය ලැබූ සමස්තය 2023ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (18) දින පෙරවරු 10.00 වන විට 2697ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

ඊයේ (17) දිනය තුළ දි කොරෝනා ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් තිදෙනෙක් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ද, තිදෙනෙක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ද නිරෝධායනය වෙමින් සිටින රැඳවියන් වේ.

තවත් දෙදෙනෙකු ගම්පහ, බණ්ඩාරවත්තේ වාර්තා වූ ආසාදිතයාගේ සමීප ඥාතීන් දෙදෙනෙකු වේ. ඔවුන් බණ්ඩාරවත්ත හා වැරැල්ලවත්ත යන ප්‍රදේශයන්හි පදිංචි 63 හැවිරිදි කාන්තාවක් සහ 45 හැවිරිදි පුද්ගලයෙකු වේ. ඔවුන් ඊයේ (17) රාත්‍රියේ දීම මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

Giraya News Alerts

එමෙන්ම, ඊයේ (17) දිනයේ දී රාජාංගනය ප්‍රදේශයේ 12 හැවිරිදි දරුවෙක්ට කොරෝනා ආසාදිත බවට තහවුරු විය. ඊයේ (17) දිනය තුළ වාර්තා වූ අනෙක් පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකි.

දැනට කන්දකාඩු පොකුරෙන් වාර්තා වී ඇති ආසාදිතයින් 36 දෙනෙකු එම මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුලේ ආශ්‍රිතයින් වේ. කන්දකාඩු පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 551ක් වේ.

එමෙන්ම, අද (18) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 11 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලවලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2023 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 663ක් වේ.

ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2697ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 75%ක් දක්වා අඩු වී තිබේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය ජුලි 10 වන දින 5% ලෙස සටහන් විය. අද (18) දිනයේ දී එය 24.5%%ක් දක්වා වැඩි වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.40%ක් ලෙස ද සටහන් වේ.

අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර දැනට වාර්තා වූ රෝගීන්ගෙන් 906 දෙනෙකු නාවික හමුදාවේ සාමාජිකයින් වේ. එම ආසාදිතයින්ගෙන් 901 දෙනෙකුම සුවය ලබා ඇත. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන්නේ කොරෝනා ආසාදිත වූ නාවික සෙබළුන් 05 ක් පමණි.

දැනට වාර්තා වී ඇති රෝගීන් 2697 දෙනා අතරින්,

  • වෙනත් රටවල්වලිනි පැමිණි (විදේශික) – 31
  • වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 852
  • නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
  • කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 551
  • වෙනත් – 313

මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 135,519ක් වේ. මැයි මාසය තුළ දී සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,873ක් ද, ජුනි මාසය තුළ සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,455 වේ.

ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය වන2723ක් වූ ප්‍රමාණය ජුලි 17 දිනය තුළ දී සිදු කර ඇත.මේ මාසයේ එක් එක් දිනයන් හී දී වාර්තා වූ නව ආසාදිතයින් ගණන හා සුවය ලැබූ ප්‍රමාණය පහත දැක්වේ.

මැයි මාසය තුළ දී වාර්තා වී ඇති රෝගින් ගණන 971ක් ද, ජුනි මාසය තුළ වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 414ක් වේ. මැයි මාසය තුළ සුවය ලැබූ ගණන 646 ක් ද ජුනි මාසය තුළ දී සුවය ලැබූ ගණන 910ක් ද වේ.

වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (18) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 663 දෙනාගෙන්,

  • ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 70ක් ද,
  • වැලිකන්ද මූලික රෝහලේ 84ක් ද,
  • මුල්ලේරියාව රෝහලේ 01 ක් ද,
  • ඉරණවිල රෝහලේ 21ක් ද,
  • කාතාන්කුඩි රෝහලේ 43ක් ද,
  • හෝමාගම රෝහලේ 00ක් ද,
  • මිනුවන්ගොඩ මූලික රෝහලේ 15ක් ද,
  • යුද හමුදා රෝහල (පනාගොඩ) 62 ක් ද,
  • කඹුරුගමුව මහ රෝහලේ 02ක් ද
  • කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 365 වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

එමෙන්ම, පුද්ගලයින්‍ 111 ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි. අවසන් වරට කොරෝනා ආසාදිත මරණය වාර්තා වූයේ ජුනි මාසයේ 01 වැනිදා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top