ආරක්ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න ඉදිරිපත් කළ ප‍්‍රචණ්ඩ අන්තවාදී මතවාදයන්ට සම්බන්ධ සැකකරුවන් පුනරුත්තාපනය කිරීමේ රෙගුලාසි කෙටුම්පතට ද සංශෝධනවලට යටත්ව නීතිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙනවා.
මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධ කුමන හෝ කරුණක් මත හා වෙනත් ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා ඉදිරිපත් කොට තමන් අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බැවින් එය වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
එලෙස අත් අඩංගුවට ගැනීමේ අව නම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති ආසන්නතම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙසත් , ඒ වෙනුවෙන් රුපියල් කෝටි පහක වන්දි මුදලක් ලබා දෙන ලෙස ද පෙත්සම්කාර හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමේ සදහන් කර ඇත.
හිටපු අමාත්‍ය හා සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාද් බදියුදීන් මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණ ඒකකයේ ස්ථානාධිපති රවින්ද්‍ර විමලසිරි , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂක , නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ , වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න , නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.
