මේ වසරේ මුල් මාස හතර තුළ දිවයිනේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 369ක් හිමිවී ඇත. එය පසුගිය වසරේ එම කාලසීමාව තුළ ලැබුණු ඩොලර් මිලියන 539 ට සාපේක්ෂව කැපී පෙනෙන පහත වැටීමකි.
කොරෝනා වසංගතය හේතුවෙන් ව්‍යාපෘති රැසක් නතර වීම ඊට හේතුව වී තිබේ. කෙසේ නමුත්, එම කාලය තුළ චීනයෙන් ඩොලර් මිලියන 68 යි දශම 4ක ව්‍යාපෘති ණය හිමිවී ඇති අතර, අයවැයට සහය වීම සඳහා ද ඩොලර් මිලියන 500ක මූල්‍යාධාර ලබා දී ඇත.
