ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් – 19 ආසාදිතයින් ගණන ඊයේ (17) පස්වරු 9.45වන විට 2697 දක්වා ඉහළ ගොස් තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඊයේ (16) දිනය තුළ දී ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගෙන ඇත.
වාර්තා වූ රෝගීන් 10 දෙනාගෙන් තිදෙනෙක් සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් ද, තිදෙනෙක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ද නිරෝධායනය වෙමින් සිටින රැඳවියන් වේ.
තවද, නිරෝධායනය වෙමින් සිටි ගම්පහ පදිංචි ආසාදිතයන්ගේ ආශ්රිත පුද්ගලයින් දෙදෙනෙකු ද, රාජාංගයෙන් එක් ආසාදිතයෙකු ද වාර්තා වී ඇත. අනෙක් පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකි.
ඊයේ (1ෙ7) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 5 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කළා. ඒ අනුව, දැනට වාර්තා වූ ආසාදිතයින්ගේන 2012 දෙනෙකු සුවය ලබා ඇත.
දැනට මෙරටින් වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 674 දක්වා ඉහළ ගොස් තිබේ.
