Advertise with Giraya
Giraya NewsGiraya News
Gossip

පදියතලාවේ ප්‍රදේශවාසීන්ගේ ගැටලුව ජනපති එක කෝල් එකෙන් විසඳයි

අද (17) දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අම්පාර, පදියතලාව ප්‍රදේශයේ ජන හමුවකට සහභාගි අවස්ථාවේ දී ප්‍රදේශවාසී ජනතාව විසින් සිය ගැටලු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

එහිදී, පදියතලාවේ ගම්වාසීන් විසින් පදියතලාව නගර සිමාවේ ඉදි වන මාර්ගය සම්බන්ධයෙන් වු ගැටලුවක් පිළිබඳව ජනාධිපතිවරයාව දැනුවත් කළ අතර එම අවස්ථාවේ දීම ජනාධිපතිවරයා විසින් මේ සම්බන්ධව අදාළ නිලධාරීන් දුරකථනයෙන් සම්බන්ධ කරගනිමින් දැනුවත් කර ගම්වාසීන්ට විසඳුම් ලබා දෙන ලදී.

එහිදී ඇතිවු සංවාදය ‍මෙසේය.

Giraya News Alerts

ප්‍රදේශවාසියෙක් – “සර්..අපේ මේ පදියතලාවේ පාර, මාවත් හතරකින් යන්නේ නෑ කියලා ආරංචියක් තියෙනවා..මාවත් හතරකින් යා යුතුයි..මාවත් හතර දැන් දෙක වෙලා..වන්දිත් ගෙවලා තියෙන්නේ..”

ජනපති – “මිස්ටර් ප්‍රේමසිරි මම මේ ඉන්නේ පදියතලාවේ..මෙතන ඉන්න ගම්වාසීන් කියනවා පදියතලාවේ නගර සීමාවේ තියන පාර අත්පත් කර ගන්නකොට දෙපැත්තෙන්ම වන්දිත් ගෙවලා තියෙන්නේ කියලා..හැබැයි දැන් මංතීරු හතර දෙක කරලාලු..”

නිලධාරියා – “සර් මටත් ඕක කිවුවා..මං කිවුවා ඒක හතර කරන්න කියලා..”

එම වීඩියෝව පහතින්.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published.

To Top