ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ සමස්ත කෝවිඩ් – 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලයින් ගණන අද (17) දින පෙරවරු 10.00 වන විට 2687ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.
ගත වූ පැය 24 තුළදී කොරෝනා ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් 8 දෙනෙක් බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි කන්දකාඩු ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් වේ. අනෙක් සිව් දෙනා කටාර්හි සිට ද තවත් එක් අයෙක් එක්සත් අරාබි එමීර්හි සිට ද පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් වේ.
මේ වන විට, කන්දකාඩු පොකුරට අදාළව පී.සී.ආර්. පරීක්ෂණ 5000කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ සඳහන් කරයි. එමෙන්ම, රාජාංගනය ප්‍රදේශය තුළ පමණක් 12,000කට අධික සංඛ්‍යාවක් නිරෝධායනය වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
දැනට කන්දකාඩු පොකුරෙන් වාර්තා වී ඇති ආසාදිතයින් 33 දෙනෙකු එම මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුලේ ආශ්‍රිතයින් වේ. කන්දකාඩු පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 542ක් වේ.
එමෙන්ම, අද (17) පෙරවරු 10.00 වන විට තවත් ආසාදිතයින් 05 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලවලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, මෙරට වාර්තා වූ ආසාදිතයින්ගනේ 2012 දෙනෙකු සුවය ලබා ඇත. දැනට වාර්තා වන සක්‍රීය ආසාදිතයින් ගණන 664ක් වේ.
ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ත රෝගීන් 2687ක ප්‍රමාණයට සාපේක්ෂව සුවය ලැබූ ප්‍රමාණය 74.8%ක් දක්වා අඩු වී තිබේ. සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය පසුගිය ජුලි 10 වන දින 5% ලෙස සටහන් විය. අද (17) දිනයේ දී එය 24.7%%ක් දක්වා වැඩි වී තිබේ. ජීවිතක්ෂයට පත් වූ ප්‍රමාණය 0.41%ක් ලෙස ද සටහන් වේ.

අප්‍රේල් මස 22 වනදායින් පසුව වාර්තා වූ රෝගීන්ගෙන් බහුතරය නාවික හමුදා සාමාජිකයින් වන අතර දැනට වාර්තා වූ රෝගීන්ගෙන් 906 දෙනෙකු නාවික හමුදාවේ සාමාජිකයින් වේ. එම ආසාදිතයින්ගෙන් 899 දෙනෙකුම සුවය ලබා ඇත. දැනට රෝහල්ගතව ප්‍රතිකාර ගනු ලබන්නේ කොරෝනා ආසාදිත වූ නාවික සෙබළුන් 07 ක් පමණි.
දැනට වාර්තා වී ඇති රෝගීන් 2687 දෙනා අතරින්,
- වෙනත් රටවල්වලිනි පැමිණි (විදේශික) – 31
- වෙනත් රටවල්වලින් පැමිණ (ලාංකික) – 851
- නාවික හමුදා සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 950
- කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන සාමාජිකයින් සහ ආශ්‍රිතයින් – 542
- වෙනත් – 313
මේ දක්වා ශ්‍රී ලංකාවේ සිදු කර ඇති පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය 132,796ක් වේ. මැයි මාසය තුළ දී සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,873ක් ද, ජුනි මාසය තුළ සිදු කරන ලද පී.සී. ආර්. පරීක්ෂණ ප්‍රමාණය 42,455 වේ.
මේ මාසයේ දී සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය සහ වාර්තා වී ඇති රෝගීන් ගණන පහතින් දැක්වේ.
- ජුලි 01 – 1,296 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 07
- ජුලි 02 – 1,399 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 12
- ජුලි 03 – 1,519 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 03
- ජුලි 04 – 852 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 05
- ජුලි 05 – 599 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 02
- ජුලි 06 – 1290 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 01
- ජුලි 07 – 1610 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 04
- ජුලි 08 – 1182 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
- ජුලි 09 – 1424 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 60
- ජුලි 10 – 1749 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 300
- ජුලි 11 – 1341 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 57
- ජුලි 12 – 2251 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 106
- ජුලි 13 – 1310 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 29
- ජුලි 14 – 2288 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 19
- ජුලි 15 – 2470 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 09
- ජුලි 16 – 2406 හඳුනාගෙන ඇති නව ආසාදිතයින් ගණන – 13
ශ්‍රී ලංකාවේ එක් දිනකදි සිදු කළ වැඩිම පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය ජුලි 15 දිනය තුළ දී සිදු කර ඇත.

මැයි මාසය තුළ දී වාර්තා වී ඇති රෝගින් ගණන 971ක් ද, ජුනි මාසය තුළ වාර්තා වූ රෝගීන් ප්‍රමාණය 414ක් වේ. මැයි මාසය තුළ සුවය ලැබූ ගණන 646 ක් ද ජුනි මාසය තුළ දී සුවය ලැබූ ගණන 910ක් ද වේ.
වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරන අන්දමට අද (17) දින පෙරවරු 10.00 වන විට එම රෝහල්ගතව ප්‍රතිකාර ගනිමින් සිටි රෝගින් 664 දෙනාගෙන්,
- ජාතික බෝවන රෝග විද්‍යායතනයේ 69ක් ද,
- වැලිකන්ද මූලික රෝහලේ 88ක් ද,
- මුල්ලේරියාව රෝහලේ 01 ක් ද,
- ඉරණවිල රෝහලේ 22ක් ද,
- කාතාන්කුඩි රෝහලේ 50ක් ද,
- හෝමාගම රෝහලේ 00ක් ද,
- මිනුවන්ගොඩ මූලික රෝහලේ 14ක් ද,
- යුද හමුදා රෝහල (පනාගොඩ) 62 ක් ද,
- කඹුරුගමුව මහ රෝහලේ 03ක් ද
- කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ 355 වශයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.
එමෙන්ම, පුද්ගලයින් 99 ක් සැක සහිතව රෝහල්ගතව වෛද්‍ය අධික්ෂණය යටතේ පසුවේ. ජීවිතක්ෂයට පත් වූ රෝගීන් ගණන 11කි. අවසන් වරට කොරෝනා ආසාදිත මරණය වාර්තා වූයේ ජුනි මාසයේ 01 වැනිදා වේ.
