කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ රැඳවියන් බැලීමට පැමිණි පවුල්වල සාමාජිකයින් 114ක් සහ එම පවුල්වල සමීපතමයින් 368කගේ පී.සී.ආර්. පරීක්ෂණ අනුව ඔවුන් ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇතැයි යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ හේතුවෙන් කොරෝනා වෛරසය සමාජයට යෑමට තිබූ එක් අවස්ථාවක් මගහැරී ගොස් ඇති බව යුද හමුදාපතිවරයා අවධාරණය කළේය.
මේ වන විට, මෙම පොකුරෙන් කොරෝනා ආසාදනය වී තිබෙන්නේ කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට පමණක් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ වනවිට රටපුරා නිරෝධායන මධ්‍යස්ථාන 60ක් පවත්වාගෙන යන බවත් එහි පුද්ගලයින් 7,060ක් නිරෝධායනය වන බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
