Advertise with Giraya
FOREIGN

ඉන්දියාවෙන් ඊයේ වාර්තා වූ ආසාදිතයින් ගණන 35,000 ඉක්මවයි

ඉන්දියාවෙන් එක් දිනකදී වාර්තා වූ වැඩිම කොරෝනා වෛරසය ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව ඊයේ (16) දිනයේ දී වාර්තා විය. worldometers.com වෙබ් අඩවියට අනුව, ඊයේ (16) දිනයේ දී ඉන්දියාවෙන් නව ආසාදිතයින් 35,468 දෙනෙකු වාර්තා වී තිබේ.

එම වෙබ් අඩවියට අනුව, මේ වන විට ඉන්දියාවෙන් ආසාදිතයින් 1,005,637 දෙනෙකු වාර්තා වී තිබේ. එම වාර්තා වූ රෝගීන්ගෙන් 636,602 ක් සුවය ලබා ඇත. තවත් 343,426 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. ආසාදිතවූවන්ගෙන් 25,609ක් ජීවිතක්ෂයට පත් වී ඇත.

නව කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,75,640කි. දෙවැනියට තමිල්නාඩුවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 1,51,820කි. දිල්ලියෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 1,16,993ක් වන අතර කර්නාටක ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 47,253කි.

Giraya News Alerts

මේ අතර, නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට දින 15කට සංචරණ සීමා පනවා ඇත. බිහාර් ප්‍රාන්තයේ ජනගහණය මිලියන 125කට ආසන්න වේ. මේ හේතුවෙන් සංචරණ සීමා පැනවූවද ජනතාව පාලනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව වාර්තා වේ.

ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ කේන්ද්‍රස්ථානය වන බැංගලෝරයට ද මේ වනවිට සතියක කාලයකට අඟුළු දමා ඇත. බැංගලෝරය මිලියන 13කට ජනගහණයක් වාර්තා වේ.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top