Advertise with Giraya
NEWS

ජා – ඇල පොලිස් ස්ථානාධිපතිට මාරු වීමක්

මැතිවරණ නීති උල්ලංඝනය කර ඇති බවට මැතිවරණ කොමිසම විසින් පොළොන්නරුව හා ජාඇල පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව මැතිවරණ කොමිසම වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානය වෙත මාරුකර යැවීමට ජාතික මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

ඒ අනුව ඊයේ (16) සිට ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානය වෙත අනියුක්ත කෙරෙන බවද ජාතික පොලිස් කොමිසම පැවසීය.

පුරප්පාඩුවන ජාඇල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තනතුරට නව නිලධාරියෙකු පත් කරන ලෙස ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පොලිස් කෙමිසම විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වේ.

Giraya News Alerts

මේ අතර මේ දක්වා කාලය තුළ මැතිවරණ නීති උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට පැමිණිලි 3377ක් ලැබී තිබේ.

ජාතික මැතිවරණ මධ්‍යස්ථානයට පැමිණිලි 758ක් සහ දිස්ත්‍රික් මැතිවරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 2619ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top